මෙරට සියලු ගුරුවරු පුහුණු උපාධිධාරී ගුරුවරු බවට - අමාත්‍ය ඩලස් (වීඩියෝ)

පෙබ 08, 2020
  • මෙරට අධ්‍යාපන පද්ධතිය වඩාත් ගුණාත්මක බවින් යුක්තව ගොඩනඟන්නට නම්, සියලු ගුරුවරු පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කළ යුතු බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා අවධාරණය කළේ, ගුණ ණැන බෙලෙන් යුතු සිසු පරපුරක් ගොඩනැගීමේ මුලික පියවර ගන්නා බවයි. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රචනා කළ “මතකය අකුරක් විය උල්පත් පෑන - 2“ ග්‍රන්ථය දොරට වැඩීම වෙනුවෙන් කෑගල්ල නගර ශාලාවේ අද පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. රංජිත් සියඹලාපිටිය මහතාගේ අට වැනි ග්‍රන්ථය මෙයයි. සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ක්‍ෂේත්‍රවල තම මතකය හා අත්දැකීම් අළලා, පුවත්පත්වලට ලියූ තීරු ලිපි මාලාවකින් ග්‍රන්ථය සමන්විතයි. විද්වතුන්, කලාකරුවන්, ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 21:20

    Latest News