පොලිස් වැටලීම්වලදී සැකපිට 414ක් අත්අඩංගුවට

අගෝ 14, 2020

    බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලිසිය කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු නීතිවිරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට 414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාල සීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 404ක්. හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 175ක් සිදු කෙරුණු අතර, එහිදී සැකකරුවන් 175 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් 99 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 98ක්. ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවන් 21 දෙනෙකු ද වෙනත් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් 21 දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ. හෙරොයින් සම්බන්ධ වැටලීම් සිදුකර ඇත්තේ, වත්තල, බේරුවල, නිට්ටඹුව සහ මීගමුව යන ප්‍රදේශවලදී.

    Latest News