හලාවත පාලම ප්‍රතිසංස්කරණයට

අගෝ 14, 2020

    හලාවත කලපුව හරහා ඉදිකර ඇති පාලම ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබේ.

    පළමු අදියර යටතේ පාලම දෙපස පිහිටි පැරණි ආරක්‍ෂිත වැට වෙනුවට අලුතින් ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට නියමිතයි.

    මෙම පාලම ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ වසර 23කට පසුවයි. පාලම දෙපස ආරක්‍ෂිත වැට අලුතින් ඉදිකිරීම සඳහා රුපියල් 40ස් ලක්‍ෂයක් වැය කෙරේ. දැනට ඇති ආරක්‍ෂිත වැට වසර ගණනාවක සිට අබලන්ව පවතින අතර, පාලම මතින් ගමන් කිරීමේදී අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇති බව අප වාර්තාකරු පවසයි. සියල්ල කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පාලමෙහි ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඉදිකිරීම් ක්‍රියාත්මකයි.

    Latest News