සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකරන බවට මහාචාර්ය චන්න ජයසුමනගෙන් පොරොන්දුවක්

අගෝ 19, 2020

    මෙරටට අවශ්‍ය ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් මෙම වසර අවසන් වීමට පෙර සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එතුමා මේ අදහස් පල කලේ අනුරාධපුර නොච්චියාගම නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    “ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධ වලින් සියයට 90ක්ම විදේශ රට වලින් ගේන ඒවා..

    ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අවුරුදු 5කින් මේ රටට පිටරටින් ඖෂධ ගෙන ඒම නතර කරන්න..

    ඒ වෙනුවෙන් අපි සැළසුම් සකස් කරගෙන යනවා..

    බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති රැස්වීමක දී අපි එකඟතාවයකට ආවා මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම මෙරටට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න..

    මේ වසර නිමවීමට පෙර එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන රටට ලබාදෙන්නත් කටයුතු කරනවා..” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

    Latest News