තවත් ලාංකිකයින් 198 පිරිසක් දිවයිනට

සැප් 04, 2020

    අද දින (04) ප්‍රංශයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ විශේෂ ගුවන් යානයක් පැමිණියා.

    ඒ අද (04) දහවල් මත්තල ගුවන්තොටුපළ වෙතටයි.

    දහවල් 1.15ට පැමිණි එම යූ.එල් - 564 ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණි එකක්.

    මේ අතර භූතානයේ පාරෝ නුවර සිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික උපාධි අපේක්ෂකයන් 80 දෙනෙකු අද දින උදෑසන 10.50ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

    Latest News