ඒ, සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කොමිසමට කර ඇති පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන සමයේදී ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබාදීම සහ දිවිනැඟුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ජාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීමේ සිද්ධීන්වලට අදාලව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් සිදුකර ඇති බවට බන්දුල තිලකසිරි මහතා කොමිසමට පැමිණිලි කර තිබේ.
ඔහු සඳහන් කළේ, තමා ඇතුළු පිරිස 2015 දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීමට හැකියාව තිබියදීත්, එවක එහි මහේස්ත්‍රාත්ව සිටි ධම්මික හේමපාල මහතා ඒ බව නොතකා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ, අදාල චෝදනාව සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩුව ගොනුකළ යුතු වුවත් ඇප ලබාදීමට නොහැකි වන ලෙස මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩුව ගොනු කරනු ලැබ ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව සොයා බැලිය යුතුව තිබූ බවත්, එලෙස නොකිරීම කොමිසමේ දෝෂදර්ශනයට ලක්විය.
බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ, කඩුවෙල සහ මහේස්ත්‍රාත් අධිකරණවල පැවති එම නඩු විභාගවලදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතා කරුණු දැක්වූ බවයි.
ඔහු, නීති විරෝධි ලෙස පිහිටුවා ඇති දූෂණ විරෝධි කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ සාමාජිකයෙකු ද වන බව, තිලකසිරි මහතා ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගත් කාලවකවානුවේදී එහි මහේස්ත්‍රාත්ව සිටි ධම්මික හේමපාල මහතා අධිකරණයට කරුණු දක්වන අවස්ථාවේ ඇතැම් අවස්ථාවලදී ඒ පිළිබඳ තැකීමක් නොකර පසුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ද සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.