දුෂ්කරතා මැද ශුරියන් වූ දැල්පන්දු ක්‍රීඩිකාවන් (වීඩියෝ)

සැප් 26, 2020
  • 2020 වසරේ හක්මන කලාපයේ වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශුරතාව දිනූ ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කරන්නේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ. 

    ඔවුන් ඉගෙනුම ලබන්නේ ඇල්ලවෙල කණිෂ්ඨ විද්‍යාලයේ. හක්මන කලාපයේ සියලු පාසල්වලට අභියෝග කරමින් ශුරතාව දිනාගත්තද මෙම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේ යෙදෙන්නට අවම පහසුකම් හෝ මෙම පාසලේ නොමැත.

     

    නිත්‍ය පුහුණුකරුවෙකු නොමැතිව පාසලේ ගණිතය විෂය බාර ගුරුවරයා මෙම දරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.  වැසීයාමට ආසන්න පාසලක් වන මෙහි වයස අවුරුදු 16ට අඩු දරුවන් සිටින්නේ හත් දෙනෙකු පමණි. ඔවුන් සියලු දෙනාම දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන්.

     

    අවම පහසුකම් හෝ නොමැතිව ගල් බොරළු සහිත ක්‍රීඩාංගණයක පුහුණුවීම් කොට ඔවුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ තම නොපසුබස්නා ධෛර්යයෙන්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද? ක්‍රීඩා අමාත්‍යතුමණි, අධ්‍යාපන අමාත්‍යතුමණි, ඔබටයි මේ රතු එළිය.

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 20:28

    Latest News