මත්කුඩු, මත්පෙති සහ කේරළ ගංජා සමඟ 9ක් අත්අඩංගුවට

සැප් 27, 2020

    මත්කුඩු, මත්පෙති සහ කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ගාල්ල, තෙලිකඩ හොරගම්පිටිය ප්‍රදේශයේදී. සැකකරුවන් ප්‍ර දේශ යේ නිවසක සාදයක් පවත්වා තිබේ. එම අවස්ථාවේ ඔවුන් සතුව තිබූ මත්කුඩු, මත්පෙති සහ කේරළ ගංජා පොලිස් බාරයට ගැණින. වැටලීම සිදු කළේ, තෙලිකඩ පොලිසියට ලද තොරතුරක් මතයි.

    සැකකරුවන් කෑගල්ල, මහනුවර, කොළඹ, මැදිරිගිරිය ඇතුළු ප්‍ර දේශවල පදඅිංචිකරුවන්. ඔවුන් සතුව තිබූ මුදල්, ජංගම දුරකතන ඇතුළු උපකරණ රැසක් ද, පොලිසිය බාරයට ගැණින. සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News