හෙරොයින් සමඟ අයෙක් දැලේ

සැප් 27, 2020

    වැල්ලවාය, ඌව කුඩා ඔය, තිස්හතේ කණුව ප්‍රදේශයේ දී කළ වැටලීමකදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ, බුත්තල පොලිස් විශේෂ බලකා කඳවුරේ නිලධාරීන් විසින්. සැකකරු කුඩාඔය ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවට හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 480ක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරු, අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News