නව මහා භාරකාරතුමා රාජකාරියේ වැඩ අරඹයි

ඔක් 15, 2020

    නව මහා භාරකාරතුමා ලෙස පත්වීම් ලද අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන මහතා අද (15) කොළඹ 07, බුලර්ස් පටුමගේ පිහිටි මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

    ගනේෂ් ධර්මවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අතිරේක ලේකම් (නීති) වශයෙන් ද කටයුතු කරයි. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න හා හර්ෂ විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News