රෝගී සත්කාර සේවා සඳහා අන්තර් ජාල පහසුකම්

ඔක් 15, 2020

    කොළඹ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවා යථා පරිදි පවත්වාගෙන යාමට අන්තර්ජාල හා වට්ස් ඇප් (Whats App) පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන ඉදිරිපත් වෙයි.

    අදාළ පහසුකම් සහිත සිම් කාඩ්පත්, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ඊයේ (14) රෝහල වෙත භාරදෙනු ලැබීය. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක සහ මොබිටෙල් වරලත් නියෝජිත කොස්මෝස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්‍ෂ සුමේධ ගෝමස් යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

    Latest News