කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු වළක්වා ගැනීමට තිබු ප්‍රහාරයක් වළක්වා නොගැනීමක් වන බැවින් එය වලක්වා ගැනීමට කටයුතු නොකළ විශාල පිරිසක් අතරේ වගකීම බෙදියන බවයි.
එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු මාස 03ක් ගතවීමටත් පෙර නිදහස් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදි ඊයේ අනාවරණය වුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ තෙවන දිනටයි.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව ප්‍රශ්න කර සිටියේ ජාතික ආරක්ෂක කවුන්සලයට පැමිණිය යුතු නොපැමිණිය යුතු අය තීරණය කිරීමේ බලය පැවතියේ කාහටද යන්නයි.
එම තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවති බවත්, තම තිරණය අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් කැදවීම් සිදුකරන බවටත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ ඔබ විසින් ජාතික ආරක්ෂක කවුන්සලයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කැදවීමක් කළේ කුමන පදනම් යටතේද යන්නයි.
" අවශ්‍යයි හිතෙන අයවයි කැදෙව්වේ. විරුද්ධ පක්ෂයේ වුණාට මට විශ්වාස මගේ පක්ෂයේ අය. මතක විදිහට හතර දෙනෙක් විතර කැදෙව්වා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම අවස්ථාවේ රටේ පැවති තත්ත්වයට ජාතික ආරක්ෂක කවුන්සලය ප්‍රතිචාර දැක්වුවේ කොහොමද කියලා මට ඔවුන්ට අවබෝධයක් දෙන්න අවශ්‍ය වුණා. පාර්ලිමේන්තුවේ මං වෙනුවෙන් කථාකරන්න කෙනෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කවුන්සලය ගැන කවුරු හරි ප්‍රශ්න කළොත් මං වෙනුවෙන් පිළිතුරු දෙන්නයි ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සලය ගැන අවබෝධයක් දුන්නේ. " යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
" 2018 වර්ෂයේ ඔක්තෝම්බර් 26 ඉදලා දෙසැම්බර් 16 දක්වා පැවති දින 52 ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාව ඔබ ජාතික ආරක්ෂක කවුන්සලයට කැදවීමක් කළාද...? " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි විමසුවා.
" නැහැ කැදෙව්වේ නැහැ. මොකද ඒ වන විට තිබ්බ දේශපාලනික අර්බුදයයි, පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරි වතාවරණයයි එක්ක එතුමා කිව්වා දැනට සහභාගි නොවි ඉන්නම් කියලා. ඒ ගැන අපි සාකච්ඡා කරලා එකගතාවයකට ඇවිත් තිබුණේ " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
එසේ නම් එම දින 52 කාලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණාම ඔබ ඔහුට ආරක්ෂක කවුන්සලයට කැදවීමක් කළාදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියා.
" ගැසට් එක අනුව අගමැතිවරයා ආරක්ෂක කවුන්සලයට ගේන්න කියලා නියමයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙන්නුවද නැද්ද කියන්න නම් මට මතක නැහැ " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
"ඒ වන විට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වික්‍රමසිංහ අගමැතිවරයාව කැදවන්නද කියලා ඔබෙන් ඇහුවාම ඔබ ඔහුගෙන් ඔයාට පිස්සුද කියලා ඇහුවා යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දී තිබෙනවා නම් ඔබ ඒ ගැන මොකද කියන්නේ " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසු විට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ මම ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ ස්වාමිනි යනුවෙන්.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදින් මෙවැනි ප්‍රහාරයකට සුදානම් වන බවට සිදුවු අනතුරු ඇගවීම් කෙරෙහි හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.
" හිටපු ජනාධිපතිතුමනි, 2018 වර්ෂයේ දෙසැම්බර් මස අගභාගයේ අන්තවාදින් විසින් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදුකිරීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයාට වෙඩි තැබීම සහ අවසාන වශයෙන් ප්‍රහාරයට පෙර අප්‍රේල් 16 පෙර පුහුණුවක් ලෙස යතුරුපැදි බෝම්බයක් පුපුරුවා හැරීම. ඔය කියන සෑම සිදුවීමක්ම වෙද්දි මේ රටේ විධායක ජනාධිපතිවරයා, නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වුනේ ඔබ. එහෙම තියෙද්දි ඔබ ඔබේ යුතුකම් වගකීමෙන් ඉෂ්ඨ කළා නම් කොහොමද 2019 අප්‍රේල් 21 දිවයිනේ ස්ථාන 08ක බෝම්බ පුපුරලා අහිංසක මිනිස් ජීවිත 265 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණේ " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළා.
" ස්වාමිනි එහෙනම් රටේ සිටිය යුත්තේ ජනාධිපති විතරයි. ආරක්ෂක ලේකම්, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරු සිටිය යුතු නැහැ. ඔය අප්‍රේල් 16 යතුරු පැදි පිපිරීම ගැන මම දන්නෙත් 21 න් පස්සේ. 16 එක පිපිරුවා නම් ඒ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඒ ගැන සොයා බලන්න ඕනේ. නැතුව සියල්ලම කරන්න ඕනේ ජනාධිපති නෙමේ. අනික ඔබතුමිය ඔය කිව්ව සෑම සිදුවීමකදිම මම පොලිස්පතිට, ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ ගැන සොයා බලන්න කියලා උපදෙස් දුන්නා. පාස්කු ප්‍රහාරය ගත්තාම මම කිසිම කෙනෙකුට පෞද්ගලිකව චෝදනා කරන්නේ නැහැ. 2015 ඉදලා 2019 වෙනකං කථා කරපුවා, දීපු උපදෙස් හරියට උඩ - පහළට ගලාගෙන ගියා නම් මේ ඛේදවාචකය වෙන්නේ නැහැ." යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
එහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ " කවුරුන් හෝ කියනවා නම් තොරතුරු ලබා දුන්නට ආරක්ෂක කවුන්සලය හරියට උපදෙස් දුන්නේ නැහැ කියලා ඔබ ඒ ගැන මොකද හිතන්නේ " යනුවෙන්.
"ස්වාමිනි, තොරතුරු ලැබුණා නම් සැකකරුවෙකු, වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගන්න ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වෙන්න ඕනේ නැහැනේ ස්වාමිනි. නිලධාරින් තම තමාගේ නිල බලයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම මේ ඇග බේරගන්න කතා කරනවා නෙමෙයි. නමුත් මේක මම ජනාධිපතිවරයා ලෙස පත්වුණ කාලයේ සිට ගොඩනැගුණු ගැටළුවක් නෙමේ. අවුරුදු 70 ක 80ක ඉදලා මේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලීම් කියන ජාතින් අතර ගැටුම් ඇතිවෙලා තියෙනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් කොච්චර අන්තවාදි සංවිධාන මේ රටේ තිබිලා තියෙනවද? මගේ කාලයේ වුණේ ඒකට අයි.එස් සංවිධානයත් රිංගුවා. නමුත් මම ඒවා මර්ධනය කරන්න පුළුවන් හැමදේම කළා " යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ,
" ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්රහරායට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් අවස්ථාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමක් සිදුවුයේද යන්නයි.
එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා " ස්වාමිනි එහෙම නිදහස් කරානම් ඒකට ඒ නිදහස් කරපු කෙනා වගකියන්න ඕනේ " යැයි පිලිතුරු ලබා දුන්නා.
එම පිළිතුරත් සමග සුළු මොහොතක් නිහඩව සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයා වෙත ලේඛනයක් පෙන්වා දෙමින් " හිටපු ජනාධිපතිතුමනි මේ වන විට කොමිසම් සභාව ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන ලේඛන අනුව කොන්දේසි සහිතව ඔවුන් නිදහස් කිරීමට අත්සන් කර තිබෙන්නේ ඔබතුමා " යැයි සදහන් කළා.
එම ප්‍රකාශයත් සමග සුළු මොහොතක් නිහඩව හිටපු ජනාධිපතිවරයා,
" ස්වාමිනි ඒ ඉතිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි, ආරක්ෂක අමාත්‍යාංශයයි මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගේන හින්දනේ. ජනාධිපතිවරයෙකු ලෙස කොච්චර නම් ලියවිලිවලට මම අත්සන් කරනවාදැයි " පැවසුවා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබේ පාලන සමයේ තිබුණු දේශපාලන මතභේද අන්තවාදය උඩු දිවීමට සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට බලපෑවේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ "කොහෙත්ම නැහැ මොකද දේශපාලන මතභේදාත්මක වටපිටාවක් තුළ වුණත් මේ රටේ අනිත් වැඩ නියමිත විදිහට වුණා " යනුවෙන්.
" හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් කිව්වා, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පැවති රජයේ අඩුපාඩු තිබ්බා. ඒ නිසා මේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම සාමුහීකව පැවති රජය භාරගන්න ඕනේ කියලා " ඔබ ඒ ගැන මොකද සිතන්නේ යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළා.
" මේක වළක්වාගන්න තිබුණු ප්‍රහාරයක්. වළක්වා නොගත්තු එකයි වැරැද්ද. අන්න ඒ නිසා වගකියන්න ඕනේ ඒ වළක්වා නොගත් පිරිසයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ විශාල පිරිසක් අතරේ වගකීම බෙදියනවා " යැයි හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.
"ඔබ සිතනවද මේ අන්තවාදි ත්‍රස්තවාදි ප්රශ්නය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නිමාවට පත්වුණා කියලා " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදි හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.
හිටපු ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට දුන් පිළිතුර වුයේ " අප්‍රේල් 21 නෙමේ. ඉන්පසු සති 04 කින් විතර සහරාන්ලාගේ සංවිධානය සම්පුර්ණෙන්ම විනාශ කරන්න අපිට පුළුවන් වුණා. " යන්නයි.
" ඒ කියන්නේ සහරාන් විසින් ඇතිකරගත් අන්තවාදි ත්‍රස්තවාදි කල්ලිය අවසානයි කියලද ඔබ කියන්නේ " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා විමසීමක් කළා.
" සහරාන් මේක ඇති කළාද කියන එක සංකීර්ණව කතා කළ යුතු දෙයක්. ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ බොහෝ කල් සැගව සිටි අයි.එස් නායකයා එකවර එළියට ඇවිත් ලංකාවේ අප්‍රේල් 21 සිදුවුණ ප්‍රහාරයේ වගකීම භාරගන්නවා. අදටත් ලෝකයේ අයි.එස් ක්‍රියාකාරකම් සක්‍රීයව සිදුවෙනවා. එහෙම බලපුවාම මේ සංවිධානය ඉවරයි කියලම කියන්න බැහැ. " යනුවෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්වුවා.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පාස්කු ප්‍රහාරයට පසු බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වු විදෙස් ගත පුද්ගලයෙකු සහ මෙරට පුද්ගලයෙකු අතර සිදුව තිබු පණිවුඩ හුවමාරුවක් විවෘත කොමිසම ඉදිරියට ඉදිරිපත් කළා.
එහි දැක්වුනේ " අපට පෙර කවුරු හරි සටන් කරන්න පටන්ගත්තාද? යන්නයි.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ සහරාන්ට අමතරව ඒ අන්තවාදි මතය දරපු තවත් අය ලංකාවේ සිටියා කියන එක මේ පණිවුඩ හුවමාරුව තුළින් තහවුරු වනවා නේද යන්නයි.
එම ප්‍රශ්නයට හිටපු ජනාධිපතිවරයා ඔව් යනුවෙන් පිළිතුරු දුන්නා.
ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර පැවතියේ යැයි මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ආරම්භ කළා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව ප්‍රශ්න කර සිටියේ ඔබ සහ හිටපු පොලිස්පතිවරයා අතර පෞද්ගලික මට්ටමින් අමනාපයක් තිබුනේද යන්නයි.
නැහැ පෞද්ගලික මට්ටමින් කිසිම අමනාපයක් තිබුනේ නැහ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දීමත් සමග රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2018 වසරේ පොලොන්නරුවේ පැවති ශරීර සුවතා උද්‍යානයක් විවෘත කිරීමේ අවස්ථාවකට හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා සහභාගි වී සිටින විඩියෝ දර්ශනයක් විවෘත කොමිසම හමුවේ වාදනය කළා.
විඩියෝව -
එම විඩියෝ දර්ශනය සාක්ෂි කුඩුවට වී සිනාසෙමින් නැරඹු හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, පේනවානේ මට එයත් එක්ක පෞද්ගලික අමනාපයක් තිබුනේ නැහැ යනුවෙන්.
පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔබ ජාතික ආරක්ෂක කවුන්සලයට පැමිණීම තහනම් කළාද යන්නයි.
" ඔව් හේතු කිහිපයක් යටතේ ඇතැම් අවස්ථාවලදි ඔහුට ජාතික ආරක්ෂක කවුන්සලයට පැමිණීම තහනම් කළා. එක හේතුවක් කළින් දවසේ කිව්වා වගේ විනය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. කොච්චර කිව්වත් ඇහුවේ නැහැ. 2017 රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයා ඉද්දි විනය පරීක්ෂණයකුත් තිබ්බා. මම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි කතානායකවරයායි එක්ක කතා කරලා තිබුණේ. 2018 දෙසැම්බර් ආණ්ඩු පෙරළිය වෙනකොට මමයි, අග්‍රාමාත්‍යවරයායි, කතානායකවරයායි එකගතාවයකට ඇවිත් තිබුණා පොලිස්පති සම්බන්ධයෙන් පියවරක් ගන්න. " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
වෙනත් හේතු තිබුණාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි විට හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,
" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා ස්ථාන මාරු කිරීම ගැන ආරක්ෂක කවුන්සලයේ කතා කරලා තිබුණා. පූජිත් නිශාන්ත සිල්වා ස්ථාන මාරු කරද්දි පොලිස් කොමිසමට දන්වා තිබුණා ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා කළ පරිදි කියලා. එක බරපතළ වරදක්. ඔය කියන නිශාන්ත සිල්වා තමයි යුධ ජයග්‍රාහණයට මුල්වුණ හමුදා නිලධාරි රැසක් අත්අඩංගුවට ගත්තේ. අද දවස වෙද්දි ඔහු රටෙන් පැනලා ගිහින්. ඒ සමයේ පාර්ශව රැසකින් විරෝධයක් ආවා ඔහුව එතනින් අයින් කරන්න කියලා. එකයි මම අයින් කළේ. "
හිටපු පොලිස්පතිවරයා සාක්ෂි දීලා තියෙනවා මේ කොමිසම ඉදිරියේ " නිශාන්ත සිල්වාව ඔබේ කීම මත අයින් කළාට පස්සේ. නැවත ඔබ දුරකතනයෙන් කතාකරලා කාගේ කීම මතද අයින් කළේ, නැවත සි.අයි.ඩී එකට දාන්න කියලා කිව්වා කියලා " යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමුකළා.
" මට මතක නැහැ එහෙම Call කළා කියලා. නමුත් නිශාන්ත සිල්වා මාරු කළාට පස්සේ මට පාර්ශව රැසකින් බලපෑම් ආවා. ත්‍රිවිඩ හමුදාව විසින් පරාජය කරපු එල්.ටී.ටී.ඊ ජාලයට සම්බන්ධ එන්.ජී.ඕ තමයි ඒවා පිටිපස්සේ හිටියේ. කැබිනට් මණ්ඩලයේදිත් ආණ්ඩු පක්ෂයෙන්ම විරෝධය ආවා. මම කිව්වා එහෙනම් කැමති දෙයක් කරන්න කියලා " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
හිටපු ජනාධිපතිතුමනි ඔබ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ඔබේ නිවසට කැදවා " මේ ප්‍රහාරයේ වගකීම භාරගන්න කියලා " ඔහුට කිව්වද..? යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියා.
නැහැ මම එහෙම කිව්වේ නැහැ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් විට රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා ප්‍රශ්න කළේ " බෝම්බ පිපිරීමේ වගකීම භාරගත්තොත් තානාපතිකමක් දෙනවා කිව්වද " යනුවෙන්.
" එයාට තානාපතිකමක් දෙනවා කිව්වේ ඊට කළින් 2018 අවුරුද්දේ නුවර පෙරහැරේ නටපු කාලේ. තනතුරට ගැළපෙන වැඩ නෙමේ කරන්නේ මම තානාපතිකමක් දෙන්නම් ඔයා යන්න, මම වෙන පොලිස්පති කෙනෙක් පත්කරගන්නම් කියලා එදා කිව්වා. ඒ කාලේ කියපු දෙයක් තමයි මෙතනට ඇදාගන්න හදන්නේ. මෙච්චර බෝම්බ පුපුරලා තියෙද්දි නිලධාරින්ට තානාපතිකම් දෙන්න තරම් අඩු දැනුමක් තියෙන කෙනෙක් නෙමේ මම " යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.
පසුව ජනාධිපති කොමිසම හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.
එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,
" ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුනොත් ඔබව පෞද්ගලිකව දැනුවත් කරන්න යැයි ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාව දැනුවත් කර තිබුණාද " යන්නයි.
ඔව්, ජාතික ආරක්ෂාව, අපරාධ කල්ලි, අපරාධ වගේ දෙවල් ගැන දැනුවත් කරන්න කියලා මම උපදෙස් දීලා තිබුණා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
" හරි එහෙනම් පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රහාරයක් පිළිබද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාට ලැබුණාට පස්සේ අප්‍රේල් 16 දක්වා ඔහු අවස්ථා කිහිපයකදි ඔබ සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා කියන්න අපි ගාව තොරතුරු තියෙනවා. එහිදි කිනම් හෝ අවස්ථාවකදි අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර ගැන නිලන්ත ජයවර්ධන මහත්මයා ඔබව දැනුවත් කළාද ? යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා.
නැහැ පැහැදිලිවම නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් වැදගත් කරුණු දැනුවත් කරන්න කියා උපදෙස් දී තිබියදිත් නිලන්ත ජයවර්ධන මහතා 04 බුද්ධි තොරතුර ගැන ඔබ දැනුවත් නොකිරීම විශාල වරදක් සහ අතපසුකිරීමක් ලෙස ඔබ හදුනාගන්නවාදැයි " ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළා.
ඔව් එය අතපසුකිරීමක් හා වරදක් ලෙස මම හදුනාගන්නවා යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
ඔබ අප්‍රේල් 16 විදෙස් ගතවන විට මේ ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කීරීමේ තොරතුර ගැන දැනසිටියායැයි විශ්වාස කරන්න සාක්ෂි තියෙනවා කියලා කවරෙකු හෝ මේ කොමිසම හමුවේ සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළා.
මම එය ප්‍රතිෂේප කරනවා. එවැනි තොරතුරක් ලැබිලත් රට හැර යන පහත් විදිහේ කෙනෙක් නෙමේ මම යැයි ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ඔබ සමග දුරකතනයෙන් සම්බන්ධයෙන් වුණාද යන්නයි.
" ඔව් මම සිංගප්පුරු රෝහලේ ඉදලා හෝටලයට ආවා විතරයි නිලන්ත ජයවර්ධන මහත්මයා මට කතා කළා. මේ පිපිරීම ගැන කිව්වා. විශාල වශයෙන් ජීවිත විනාශ වෙලා තියෙනවා කියලත් කිව්වා. මේ වගේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කළින් දැනුවත් කරලා තිබියදිත් අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත් කිව්වා " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
ඔබ විදෙස් ගතවුනේ රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගන්නදැයි මෙහිදි ජනාධිපති කොමිසමෙව් සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමුකළා.
ඔව් යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරුදුන් විට විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ රෝගි තත්ත්වයකට විදෙස් ගතවීමකදි වැඩබලන ආරක්ෂක ලේකම්වරයෙකු පත්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා නේද ? යන්නයි.
" සමහර ජනාධිපතිවරු එහෙම කරලා තියෙනවා. සමහර අය එහෙම කරලා නැහැ. අනික මට තිබුණේ එච්චර බරපතළ රෝගි තත්ත්වයක් නෙමේ. " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
" ඇයි බරපතල රෝගි තත්ත්වයක් නෙමේ නම් සිංගප්පුරු රෝහලටම ගියේ. මම එහෙම ඇහැව්වේ ඔබ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් හිටිය නිසා රටේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඇතිනේ " යැයි විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසුවා.
නැහැ මම දිර්ඝ කාලිනව සිංගප්පුරු රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියා යැයි හිටපු ජනාධිපතිවරයා එහිදි සදහන් කළා.
කෙසේ වෙතත් එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම් සභාවේ විශේෂ අවධානය දුරකතන වාර්තා දෙස යොමුකරමින් පෙන්වා දුන්නේ,
" හිටපු ජනාධිපතිතුමනි ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවුනාට පස්සෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ දැනුවත් කළේ කියලා. නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පුරුවේ සිටි ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ මෙරට වේලාවෙන් පෙ.ව 8.02 ට පමණ. විනාඩියයි තත්ත්පර 03 ක ඇමතුමක් ලෙසයි මෙය සටහන් වෙන්නේ. පළමු බෝම්බය පිපිරුවේ පෙ.ව 8.45 ට ඒ කියන්නේ මේ ඇමතුම සදහන් වෙන වෙලාව වෙනකොට බෝම්බ පිපිරිලා නැහැ නේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.
එම ප්රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා,
නැහැ මට තොරතුරු හම්බුනේ පිපිරුණාට පස්සේ යැයි පිළිතුරු දුන්නා.