කේරල ගංජා තොගයක් ආරක්‍ෂක අංශ බාරයට

ඔක් 18, 2020

    කේරළ ගංජා කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් අද ආරක්‍ෂක අංශ බාරයට ගැණින.

    ඒ, නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී. මුහුදු මගින් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදා හැරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා තොගය උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එක්ව කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගැණින.

    පාර්සල් 94ක අසුරා තිබූ එහි බර කිලෝ 200යි, ග්‍රෑම් 825ක්. සැකකරුවන් සොයා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව එම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ සඳහා මන්නාරම පොලිසියට බාරදී තිබේ.

    Latest News