සතොස මගින් නියමිත මිලට ලබන සඳුදා සිට සහල්

නොවැ 07, 2020

    සතොස මගින් නියමිත මිලට ලබන සඳුදා සිට සහල් අවශ්‍ය ප්‍රමාණයට බෙදාහරින බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    වී මෝල් හිමියන් සහතික මිලට හාල් සැපයීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා කියා සිටී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සතොස වෙළෙඳසැල්වල නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශයේ සතොස වෙළෙඳසැල්වල පවතින භාණ්ඩ හිඟය කඩිනමින් අවසන් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News