ගම්පහින් කොරෝනා ආසාදිතයින් 201ක්

නොවැ 08, 2020

    ඊයේ (07) පස්වරු 4.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 201දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගත් බවට තහවුරුවී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3,853ක් බවයි.

    එම ආසාදිතයින් හඳුනාගැනීමට 54,474දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව ඔහු පැවසීය.

    මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර කර්මාන්තශාලා 27ක සේවය කර පුද්ගලයින් ද වන බවට තොරතුරු වාර්තා වේ.

    Latest News