බස්නාහිර ඇඳිරි නීතිය හෙට(09) ඉවතට

නොවැ 08, 2020

    බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5ට අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිීටී. 

    හුදකලාවට ලක් කළ පොලිස් වසම්වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට නොහැකි බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එලෙස හුදෙකලා කර ඇති පොලිස්බල ප්‍රදේශ මෙසේය.

     

    කොළඹ දිස්ත්‍රික්කය:

     

    මට්ටක්කුලිය

    මෝදර

    බ්ලූමැන්ඩල්

    කොටහේන

    ග්‍රෑන්ඩ්පාස්

    වෙරළබඩ පොලිස් වසම

    ආදුරුප්පු වීදිය

    මාලිගාවත්ත

    දෙමටගොඩ

    වැල්ලම්පිටිය

    කෙසෙල්වත්ත

    බොරැල්ල

     

    ගම්පහ දිස්ත්‍රික්කය:

     

    වත්තල

    පෑලියගොඩ

    කඩවත

    රාගම

    මීගමුව

    පමුණුව

    ජා - ඇල

    සපුගස්කන්ද

     

    කළුතර දිස්ත්‍රික්කය:

     

    හොරණ

    ඉංගිරිය

    වෑකඩ

    බටහිර ග්‍රාම නිලධාරී වසම

     

    කෑගල්ල දිස්ත්‍රික්කය:

     

    මාවනැල්ල

    රුවන්වැල්ල

     

    කුරුණෑගල දිස්ත්‍රික්කය:

     

    කුරුණෑගල නගර සීමාව

    කුලියාපිටිය පොලිස් වසම

     

    හුදෙකලා කරන ලද පොලිස්වසම් වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවිමට හැකියාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙත්සඳ සෙවණ, මිහජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන දෙමටගොඩ, මාලිගාවත්ත NHS නිවාස යෝජනාක්‍රමවල ජීවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කර නිවාස තුළම රැඳී සිටින්න ලෙසි.

    Last modified on ඉරිදා, 08 නොවැම්බර් 2020 12:22

    Latest News