මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ තුන්වන වරටත් සිදු වූ භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ

පෙබ 12, 2021

    මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ සිදුවූ භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

    එහි සභාපති අනුර වල්පොල පැවසුවේ අද අලුයම 04 යි 53 ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බවයි.

    එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 1 කටත් වඩා අඩු පරිමාණයේ කම්පනයක් බවත්, පල්ලෙකැලේ සහ හක්මණ ප්‍රදේශයේ ස්ථාපිත භූ කම්පන මානවල එය සටහන්ව ඇති බවත් ඔහු කියා සිටියා.

    කෙසේ වෙතත්, ඇකිරිය ප්‍රදේශය ආශ්‍රිතව මෑත කාල සීමාවේදී භූ කම්පනයක් වාර්තා වූ 03 වන අවස්ථාව මෙය බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News