අන්තර්ජාල‍; නොමඟ යවන ප්‍රකාශවලින් ආරක්‍ෂාවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අප්‍රේ 20, 2021

    අන්තර්ජාලය මගින් සිදුකරනු ලබන අසත්‍ය හා නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්‍ෂාවීමට අවශ්‍ය නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්‍රෙව්ශවීමට අවස්ථාව ලබාදීම සඳහා මේ පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු ඒ ගැන පැහැදිළි කළේය.

    Latest News