සංචරණ සීමා හෙට (17) අලුයම ලිහිල් කෙරේ....නිවසින් බැහැරව යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි

මැයි 16, 2021

    මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කෙරේ.

    ඒ අනුව, හෙට සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවේ. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලබන 31 දක්වා ක්‍රියාත්මකයි.

    කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුව පසුගිය 13 වැනිදා රාත්‍රී 11.00 සිට දිවයිනටම බල පැවැත්වෙන අයුරින් සංචරණ සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පියවර ගත්තේය. නමුත්, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

    Last modified on ඉරිදා, 16 මැයි 2021 13:12

    Latest News