ලබන 21 සිට 31 දක්වා ගුවන් තොටුපලවලින් මෙරටට මගීන් ඇතුලත් කර නොගැනේ

මැයි 19, 2021

    ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ගුවන් තොටුපලවලින් ගුවන් මගීන් මෙරටට ඇතුළු කර නොගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    එහි සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටියේ, වෙනත් ගමනාන්ත හා ගුවන් සේවා සඳහා මගී හුවමාරුව ද සිදු නොකෙරන බවයි. කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුල මෙරටින් විදේශ ගතවීමට ගුවන් මගීන්ට ඉඩ සැලසෙන බව සභාපතිවරයා පැවසීය.

    Latest News