පැල්මඩුල්ල, දන්දෙණිය ප්‍රදේශය දැඩි අවදානමක

ඔක් 25, 2018

    රත්නපුර, පැල්මඩුල්ල, දන්දෙණිය කන්දේ කොටසක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි අවදානම් නිවාස 6ක සාමාජිකයන්ට ආරක්‍ෂිත ස්ථාන ලබාදී තිබේ.

    තවත් නිවාස 10කට අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

    අද අලුයම 04.00ට පමණ විශාල ගල්කුළු රැසක් නාය ගොස් නිවාස කිහිපයක් ආසන්නයේ නතර වී තිබේ. නිවාස 40කට සහ බුළුගහතැන්න විද්‍යාලයට ඉන් බලපෑම් එල්ල විය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්‍ෂාවකින් පසු සඳහන් කෙරුණේ, මධ්‍ය අවදානම් නිවේදන නිකුත් කර ඇති නිවාස දහය අධික වර්ෂාවට හසු වුවහොත්, එහි හිමිකරුවන් ද ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

    Latest News