ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමඟ වැසි

ජූනි 23, 2021

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

    හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News