කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ජූනි 23, 2021

    ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අද (23) සවස අභාවප්‍රාප්ත විය.

    ඔහු පසුවුයේ 71 වැනි වියේ. කුලසිරි බුදවත්ත මහතා මෙරට නර්තන කලාව පෝෂණයට විශිෂ්ට සේවාවක් ඉටුකර තිබේ. කුලසිරි බුදවත්ත මහතා, 1950 වසරේ මැයි 6 වැනි දින උපත ලැබුවේ මාවනැල්ල අරනායක බුදවත්ත ග්‍රාමයේදීය.

    ඔහු බුදවත්ත ගුරුකුලය මූලික කර ගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන්නේය. උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂ කුසලතා දැක්වූ කුලසිරි බුදවත්ත මහතා මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් ප්‍රවීන ශිල්පියෙක්.

    ඔහු සාම්ප්‍රදායික දේශීය නර්තන කලාවේ සියලු අංග, අනාගත පරපුරට දායාද කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්ය භාරයක් ඉටු කර තිබේ. කුලසිරි බුදවත්තයන්ගෙන් ගුරුහරුකම් ලැබ නර්තන කලාවට පිවිසි බොහෝ පිරිසක් වේ. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා පදිංචිව සිටියේ ගල්කිස්ස කලාපුරයේ.

    Latest News