ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ජන 06, 2022

    ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

    මෙම චක්‍රලේඛයෙහි විධිවිධාන 2022.01.01 දින සිට ක්‍රියාත්මක වෙයි. ඊට ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

    ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වැනි දින සහ මේ වසරේ ජනවාරි 03 වැනි දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී එළඹි තීරණ ප්‍රකාරව මෙම සංශෝධන සිදුකර තිබේ.

    1641393863-03-2016-iv-s-1.jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 10:54

    Latest News