හොරොන් තොගය කොළඹ වරායට....(වීඩියෝ)

ජන 25, 2022
  • පසුගියදා නාවික හමුදා බාරයට ගැනුණු කිලෝ 330කට අධික හොරොයින් තොගය රැගත් ධීවර යාත්‍රා දෙක අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.

    මේ සම්බන්ධ වැටලීම සිදු කෙරුණේ, ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්වයි. දිවයිනට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නීරීක්‍ෂණ නෞකාව මගින් හෙරොයින් තොගය සොයා ගැනුණේ, ඉකුත් 17 සහ 22 යන දිනවලයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ, හෙරොයින් තොගය රුපියල් මිලියන 3300කට අධික බවයි. ඒවා උර 13ක, පැකට් 309ක් ලෙස සූක්‍ෂම ලෙස අසුරා තිබුණා.

    මෙහි ප්‍රධාන ජාවාරම්කරු ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. හෙරොයින් තොගය අද ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට ලක්වුණා.

     

    Latest News