දිස්ත්‍රික්ක කිහිපයක විටින් විට වැසි....

පෙබ 13, 2022

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හටගන්නා බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් සියයක පමණ තද වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලත්, නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර සියයට වැඩි තද වැසි හටගනු ඇති.
    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කිරීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්‍ෂා කරන බව එම නිවේදන‍යේ සඳහන්.

    Latest News