ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහතට....

පෙබ 13, 2022

    ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි, අප වාර්තාකරුවන් පවසනවා.

    ඒ අනුව උඩරට එළවළු වර්ග බෙදාහරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍ර ලෙස පහත ගොස් තිබෙනවා. පසුගිය කාලයේ රුපියල් 300 ද ඉක්මවා පැවති ඇතැම් එළවළු වර්ග කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් සියය දක්වා අඩුවී ඇති බවයි, අප වාර්තාකරුවන් පවසන්නේ. ඒ අනුව, රාබු කිලෝවක තොග මිල රුපියල් 20ක් වන අතර, සලාද කොළ කිලෝවක තොග මිල රුපියල් 70ක් වනවා. තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 140යි. බෝංචි කිලෝවක් රුපියල් 160ක් වනවා. රුපියල් 80ක් වන්නේ, ගෝවා කිලෝවක තොග මිලයි.

    ලීක්ස් කිලොව්ක තොග මිල සටහන් වන්නේ, රුපියල් 120ක් ලෙසයි. බීට් කිලෝවක තොග මිල රුපියල් 160ක් හා වම්බටු කිලෝවක තොග මිල රුපියල් 180ක් යන ගණන්වල පවතිනවා. පිට පළාත්වල එළවළු අස්වනු වෙළෙඳ පොළට ලැබීම හේතුවෙන් උඩරට එළවළු වර්ගවල මිල පහත වැටී ඇති බවයි, කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් ප්‍රේමසිරි ඒකනායක මහතා පවසන්නේ.

    Latest News