ඉන්දියානු ජනතාවගේ මානුෂීය ආධාර අද මෙරටට...

මැයි 22, 2022

    ඉන්දියානු ජනතාව ලබාදෙන රුපියල් බිලියන 2කට අධික මානුෂීය ආධාර අද මෙරටට ළඟාවීමට නියමිතයි.

    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 50ක් සහ මෙට්‍රික්ටොන් 25කට අධික ඖෂධ හා වෛද්‍ය සැපයුම් ඊට අඩංගු බවයි.
    ආධාර තොගය, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙරට බලධාරීන්ට ලබාදීමට නියමිතයි. තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතා ඉකුත් මැයි 18 වැනිදා මෙම ආධාර තොගය චෙන්නායි වරායෙන් මෙරටට එවා ඇති බව, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. තමිල්නාඩු රජය සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ මෙරටට සැපයීමටයි, සැලසුම් කර ඇත්තේ. එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 6කට ආසන්නයි. එම මානුෂීය වැඩසටහනේ පළමු තොගය ලෙස මෙම භාණ්ඩ මෙරටට ලබාදී තිබෙනවා. එම ආධාර, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීමට නියමිතයි.

    Latest News