යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය ගැන කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනපති පවසයි

ජූනි 12, 2022

    මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිතුමා වගකීමෙන් කියා සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේදී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරා ගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූල ව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

    Latest News