කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාගත අගයක්...

අගෝ 09, 2022

    කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගණුදෙනු අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 05 ඉක්මවා යමින් රුපියල් බිලියන 5 දශම 34 ක අගයක් වාර්තාකර තිබෙනවා.

    දිනය නිමාවට පත්වන විට සමස්ත මිල දර්ශකය ඒකක අට ලක්ෂ පනස් දහසක් ලෙස සටහන්වූ බව කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රකාශ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ධනාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක් සිදුව තිබෙනවා. එය සමස්ත ‍මිල දර්ශකයේ වර්ධනය ඒකක 77 යි දශම 03 ක ඉහළ යාමක්. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0යි දශම 91 ක වර්ධනයක් බවද එම වෙළඳපොළ පෙන්වා දෙනවා. ඒ අනුව, කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව පසුකර තිබෙනවා.

    Latest News