විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට...

අගෝ 09, 2022

    වසරේ ඉදිරි කාර්තුව සඳහා සංශෝධිත විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

    පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සමස්ත වියදම, රුපියල් කෝටි හතලිස් හත් දහස් නමසිය 43 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මේ වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 3,265ක්.

    විසර්ජන පනතට අනුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි හැත්තෑ තුන් දහස් 468ක්. මුදල් අමාත්‍යාංශය සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් කෝටි 46,000කට අධිකයි. රුපියල් කෝටි 24,000කට අධික මුදලක් සෞඛ්‍ය අමාතයාංශය සඳහා වෙන්කර තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල, ‍රුපියල් කෝටි 900කට අධිකයි. ප්‍රවාහන අමාත්‍යාංශයට රුපියල් කෝටි තිස් දහසක් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් කෝටි 13,000ක්ද වෙන්කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 2,700ක්. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 654ක් වෙන් කරනු ලැබ තිබෙනවා.

    Latest News