උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ...

අගෝ 28, 2022

    2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය අනූ හත් දෙනෙක්. එය 62.9 ක ප්‍රතිශතයක්. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ තිස් හය දහස් තිස් පස් දෙනෙකු සහ පුද්ගලික අයදුම්කරුවන් තිස් හය දහස් හයසීය හතලිස් හත් දෙනෙකු පෙනී සිටියා. ඉන් පාසල් අයදුම්කරුවන් එක්ලක්ෂ හතලිස් නම දහස් නමසීය හතලිස් හය දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

    ඊට සුදුසුකම් ලැබූ පුද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 21,551ක්. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි, ‍විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අදාළ පාසල්වල විභාග ප්‍රතිඵල ලේඛන, නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විදුහල්පතිවරුන්ට නිකුත් කරන බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම් කළ යුතුයි. ඊට අදාළ දිනය පසුව දැනුම් දෙන බවයි, ඔහු සඳහන් කරන්නේ.

    Last modified on ඉරිදා, 28 අගෝස්තු 2022 17:17

    Latest News