ත්‍රිපිටක ලෝක උරුම ව්‍යාපෘතියට තාක්ෂණික කමිටුවක්

මාර් 20, 2019

    ථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත.

    කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්, ශ‍්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල, මහාචාර්ය කේ. ඞී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී. බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසකගෙන් සමන්විත වේ.

    කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    Latest News