ට්‍රැක්ටර් අනතුරේ සිද්ධියට විදුහල්පති ඇතුළු 4 ක් රිමාන්ඩ්

නොවැ 29, 2024
    අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

    ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට අනාවරණයවී තිබෙනවා.
     
    එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීගොස් තිබූ අතර ඉන් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණා.
     
    මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.

    Latest News