ෆෙන්ගල් කුණාටුව ඉන්දියාවට ඇතුල් වෙයි

දෙසැ 01, 2024
    නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව මේ වනවිට උතුරු තමිල්නාඩු පුදුචේරි වෙරළතීරය හරහා ඉන්දියාව තුළට ඇතුල් වී තිබෙනවා.

    කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් පහව යමින් පවතින බවයි.

    නැවත දැනුම් දෙනතුරු ත්රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
     
    අදාළ මුහුදු ප්රදේශයන්හි සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතිනවා.
     
    ඒ අනුව, එම මුහුදු ප්රදේශ වරින් වර ඉතා රළු වියහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
     
    උතුරු පළාතේ අහස තවදුරටත් වළාකුළින් බරව පවතින අතර, වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගනු ඇති.
     
    බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. සෙසු ප්රදේශයන්හි සවස් කාලයේදි හෝ රාත්රී කාලයේදි ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකියි.
     

    Latest News