අහංගම, ගාල්ල - මාතර මාර්ගයේ හාතපැලෑන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය යති.
ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස සහ රත්මලානේ දී එකම මෝටර් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිදු කළ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මියගොස්, 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ වීදේශීය ළූණු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ගලේවෙල කනාදන දී අද (08) උදෑසන 7.15 ට පමණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මහනුවර-අකුරණ නගරයේ ප්‍රධාන වංගුව අසල දී අද උදේ සුපිරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියයයි.
2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.
යාපනය සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් නාන්තන්ඩිය ඕලන්ද ඇළට පෙරලීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.
රන්න වීරකැටිය මාර්ගයේ තලුන්න 05 කනුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් රියදුරු මියගොස් තවත් තරුණයින් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.
බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.