එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව පුරවැසි පනත අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයට ගැනීම ඊයේ ආරම්භ කෙරිණ.

ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වීමෙන් ඇති වු තත්වය පාලනයට ජනාධිපතිවරණය නීති සංශෝධනයට අවශ්‍ය පියවර ගැනිමේ සාකච්ඡාවක් අද පැවැත්විණ.

පවතින මැතිවරණ නීති සංශෝධනය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව ඉදිරියෙන් පසුවන්නේ කම්කරු පක්ෂයයි. පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙසින් නිව්කාසල් මධ්‍යම මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵලය නිකුත් කෙරිණ.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී කණ්ඩායම් හොංකොං දිස්ත්‍රික් සභා මැතිවරණ ප්‍රතිඵලවල ඉදිරියෙන් සිටින බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව, විශ්වාසනීයව හා ක්‍රමවත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හඳපත්ලෙන්ම සුභ පතන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් 103ක ඡන්දය ගණන් කිරීම අවසන් වී එම ප්‍රතිඵල වාර්තා දිස්ත්‍රික් ප්‍රතිඵල වගුගත කිරීමේ කාර්යාලවලට ලැබී ඇති බව, මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද රාත්‍රී 9.40ට පමණ ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Latest News