අගෝස්තු 17 වැනිදා රට පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවෙහි අවසන් වාර්තාව තව සති තුනකින් ලබාදීමට කටයුතු කරන බව එම විද්වත් කමිටුවෙහි සභාපති බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා ඊයේ (28) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පසුගිය සඳුදා දින රට පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

රට පුරා දිනකට පැය හතරක විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා විදුලබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

Latest News