බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා බිඳවැටීම් වළක්වා ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවයි, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.ඩී.ඩබ්.ගුණවර්ධන මහතා පවසන්නේ.
ඒ අනූව අද සිට පෙ.ව 8.30-පෙ.ව11.30, පෙ.ව 11.30-ප.ව2.30, ප.ව 2.30-ප.ව5.30 හා ප.ව 6.30-ප.ව7.30 හෝ ප.ව7.30-ප.ව8.30 කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.