අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 – විනාඩි 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 – විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

අවිධිමත් ලෙස සිදුවන විදුලි කප්පාදු කිරීම් විධිමත් ආකාරයට සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබේ. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.

බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (22) දිනයේත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව, ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී තිබෙනවා.

ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය සහ බලාගාර සතු ඉන්ධන අවම වීම නිසා හෙට (16) සිට දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එම කාලයන් අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

අධි බලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිමෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට විදුලිය ඇණ හිටි තිබේ.

Latest News