යාපනය හින්දු බෞද්ධ සංස්කෘතික සංගමයේ ලේකම් එම්.ටී.බී. රාමචන්ද්‍රන්, සහකාර ලේකම් එන්. තවරාජා සහ තවත් නිලධාරින් කිහිපදෙනෙක් ඉකුත් සිකුරාදා (19) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

එහිදී, මෙම හින්දු බෞද්ධ සංස්කෘතික සංගමය මගින් දීර්ඝ කාලයක් මුලුල්ලේ යාපනය අර්ධද්වීපයේ දමිළ සිසුන් 21,000 කට වැඩි ප්‍රමාණයක් සඳහා භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබන බවත් එමගින් සිසුන් විශාල ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන බවත් එය සිදුවන ආකාරයත් සාකච්ඡා කෙරිණි.

මෙහිදී, සිංහල සහ දෙමළ ජාතීන් අතර භාෂා කුසලතාවය තවදුරටත් වර්ධනය කිරීම මඟින් නියමිත පරිදි අදහස් හුවමාරු වීමත් එකිනෙකාගේ හැඟීම් හා අවබෝධයන් හඳුනාගැනීමට හැකිවීම හා අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීම අරමුණු කරගත් මෙම පාඨමාලාවන් ඉදිරියටත් වත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බැව් රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කරන ලදී.

එම සාකච්ඡාව අවසානයේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් මෙම හින්දු බෞද්ධ සංස්කෘතික සංගමය මගින් රටේ සහජීවනය සඳහා ලබාදෙන වටිනා සහය පිළිබඳව පැසසුමට ලක් කළ අතර ඒ සඳහා ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරන ලදී.

Latest News