අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක්කටා නමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඉවත් නොකරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

Latest News