කප් එක කාටද ?

නොවැ 12, 2022

    20-20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදි පැවැත්වීමට නියමිතයි. 20-20 ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරටයි.

    අවසන් මහා තරගය එංගලන්තය සහ පකිස්ථානය අතර පැවැත්වෙනවා. පකිස්ථානය 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ  වසර 13 කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර පකිස්ථානය 2009 වසරේදී ලෝක කුසලාන අවසන් මහා තරගකට සුදුසුකම් ලබා ගත් අතර ප්‍රතිවාදින් වූයේ ශ්‍රී ලංකාවයි.

    එංගලන්තය 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ වසර 6කට පසුවයි. එංගලන්තය සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම එක් අවස්ථාව බැගින් 20-20 ලෝක ශූරයන් බවට  පත්ව තිබෙනවා. මෙවර තරගාවලියේදී එංගලන්තය පළමු කාණ්ඩයෙන් ද පකිස්ථානය දෙවන කාණ්ඩයෙන්ද තරග වැදුනා.

    එංගලන්තය සහ පකිස්ථානය අතර පැවති අවසන් තරග 5න් 3ක ජය එංගලන්තයටත් තරග දෙකක ජය පකිස්ථානයටත් හිමිව තිබෙනවා. 20-20 ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය සහ පකිස්ථානය අතර තරග 28ක් පවත්වා ඇති අතර ඉන් තරග 17 ජය හිමිකර ගැනීමටද එංගලන්තය සමත් වුණා. පකිස්ථානය ජය ගෙන ඇත්‍ තේ තරග 9ක් පමණයි.

    Latest News