පකිස්ථානය දිනයිද

නොවැ 10, 2022

    T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අනිද්දා(13) මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතයි.

    ප්‍රභල පකිස්ථානු කණ්ඩායම 2009 වසරේදී ශ්‍රී ලංකාව පරදා ශුරතාවය දිනා ගත්තා. 2007 වසරේ ලොව පළමු T20 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වූයේත් පකිස්ථානයයි.

    2009 තරඟාවලියේ අවසන් තරඟයේදී පාකිස්ථානය කඩුලු 8කින් ශ්‍රී ලංකාව පරදවා ශූරයන් බවට පත්වුනා. පාකිස්ථානය එංගලන්තයට එරෙහිව පළමු තරගයත් ශ්‍රී ලංකාවට එරෙහිව සුපිරි 8 තරගයත් පරාජයට පත් වූවා. කෙසේ වෙතත්, ඔවුන් කුසලානය දිනා ගැනීමට සමත් වුනා.

    මෙවර තරගාවලියේදීත් ඔවුන් සිම්බාබ්වේ හමුවේ 1 ලකුණකිනුත් ඉන්දියාව හමුවේ කඩුලු 4කත් පරාජය ලැබුවා. මෙවර ඔවුන් ලෝක කුසලානය ජයග්‍රහනය කළහොත් එය ඔවුන්ගේ දෙවන T20 ලෝක කුසලාන ජය වනවා.

    Latest News