ඉන්දියාව රටවල් 7ක් සඳහා සීමා පනවයි

සැප් 04, 2021

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද රට තුළට පැමිණිම වැළැක්වීම සඳහා ඉන්දියාව රටවල් 7ක් සඳහා සීමා පනවා තිබේ.

    ඒ අනුව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 7ක සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. අදාළ රටවල සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් පැය 72කට පෙර කොවිඩ්-19 පරීක්‍ෂාවකට ලක්ව කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතු වේ.

    මේ අතර, ඉන්දියාවෙන් අද නව ආසාදිතයන් 42,618 දෙනෙකු හඳුනා ගැනුණු බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. එම සංඛ්‍යාව ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට වඩා 6%ක පහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

    කේරළ ප්‍රාන්තයෙන් ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තාවීම විශේෂත්වයක්. එම ප්‍රාන්තයෙන් පමණක් නව ආසාදිතයන් 29,322ක් අද හඳුනා ගැණින. කොරෝනා මරණ 131ක් අද සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Latest News