තලේබාන් සංවිධානය පන්ෂීර් නිම්නය අත්කර ගැනීමට සූදානමින්....

සැප් 05, 2021

    තලේබාන් සංවිධානය රජයක් පිහිටුවීමට පෙර ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් නිම්නය අත්පත්කර ගැනීමට සූදානම් වේ.

    ඔවුන් ඊට සිය උපරිම ශක්තිය යොදා ඇති බව වාර්තාවේ. සෙබළුන් හා නවනීන අවිආයුධ රැසක් මේ වනවිටත් පන්ෂීර් නිම්නය ආසන්නයේ ස්ථානගත කර තිබේ. පන්ෂීර් නිම්නයේ බලය පවත්වාගෙන යන එන්ආර්එෆ් නමැති සටන්කාමීන් පවසන්නේ, තමන් තලේබාන් සංවිධානයට යටත් නොවන බවයි.

    ගතවූ දෙදින තුළ ඇති වූ සටන්වලින් දෙපාර්ශවයේම විශාල පිරිසක් මියගොස් තිබේ. තලේබාන් සංවිධානය පවසන්නේ වළලා ඇති බිම්බෝම්බ හේතුවෙන් නිම්නයට ඇතුළුවීම අපහසු බවයි.

    මේ අතර තලේබාන් සංවිධානය කාබුල් නුවරදී තම අයිතිවාසිකම් ඉල්ලා කාන්තා සංවිධානයක් විසින් පවත්වනු ලැබූ පෙළපාලියක් කඳුළු ගෑස් යොදා විසුරුවා හැර තිබේ. දේශපාලන, ආර්ථික හා අධ්‍යාපන නිදහස ඉල්ලා එය සංවිධාන කර තිබූ බව වාර්තාවේ.

    Latest News