ආධාර රැගත් ට්‍රක්රථවලට ගිනි

පෙබ 24, 2019

    වෙනිසියුලා ආරක්‍ෂක අංශ හා විපක්‍ෂ කණ්ඩායම් අතර, දරුණු ගැටුම් හටගෙන තිබේ. ඒ කොළොම්බියාවේ හා බ්‍රසීලයේ සිට මානුෂීය ආධාර රැගත් රථ වෙනිසියුලාවට පැමිණිම වැළැක්වීමට ආරක්‍ෂක අංශ ක්‍රියා කිරීමත් සමඟයි.

    අසල්වැසි රටවල සිට වෙනිසියුලාවට රැගෙන එමින් තිබූ ආධාර රැගත් ට්‍රක්රථ කිහිපයකට ගිනි තබා තිබේ. ආධාර ලබා ගැනීමට හා ප්‍රවාහනයට පැමිණි විපක්‍ෂ ක්‍රියාකාරීන්ට ආරක්‍ෂක අංශ කඳුලු ගෑස් හා රබර් උන්ඩ ප්‍රහාර එල්ල කළේය. ගැටුම්වලදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

    Latest News