වෙනිසියුලා ගැටුම්වලින් 25ක් මරුට

පෙබ 25, 2019

    වෙනිසියුලාවේ උග්‍ර ගැටුම් හේතුවෙන් 25 දෙනෙක් මියගොස් තිබේ.

    කොළොම්බියා දේශසීමාව අසළ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඊයේ දිනයේත් දරුණු ගැටුම් හටගැනිණ. කොළොම්බියාව හරහා වෙනිසියුලාවට ලැබෙන අමෙරිකානු ආධාර නතර කිරීමට මධුරෝ පාලනය විසින් හමුදාව යොදවනු ලැබීය.

    විපක්ෂ නායක ජුවාන් ගුවයිරෝ විසින් අමෙරිකාවෙන් කළ ඉල්ලීමකට අනූව මෙම ආධාර ලබා දී තිබේ. මධුරෝ හිතවාදී පිරිස් මෙම ආධාර රැගත් ට්‍රක් රථවලට ගිනිතබා විනාශ කරනු ලැබීය. මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසන්නේ, වෙනිසියුලාව ජනාධිපති නිකොලොස් මධුරෝගේ ධූර කාලය ඉක්මනින් අස්වන්වනු ඇති බවයි.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 08:44

    Latest News