වත්මන් ජනාධිපති මූන් ජේ ඉන් විසිනුයි, මෙම සමාව ලබා දී ඇත්තේ. ඇයට එල්ල වී තිබූ චෝදනා නම් බලය අවභාවිත කිරීමයි. එසේම ධනවත් ව්‍යාපාරිකයින්ට සහන සැලසීම වෙනුවෙන් ඇයගේ හිතවතෙක් මුදල් ලබා ගෙන තිබිණ.
මෙම චෝදනා ඔප්පු වීම හේතුවෙන් ඇය 2018 වසරේ දී බලයෙන් පහ කෙරිණ. දකුණු කොරියාවේ ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත් වුණු ජනාධිපතිවරුන්ගෙන් බලයෙන් පහ කෙරුණු පළමු ජනාධිපති වශයෙන් ඇය ඉතිහාසයට එක් විය.
ඉන් අනතුරුව ඇයට වසර 22ක සිරදඩුවම් නියම විය.
නිදහස ලබන විට ඇය 69 වැනි වියේ පසු වූ අතර වත්මන් ජනාධිපති මූන් ජේ ඉන් ඇයගේ සෞඛ්‍ය තත්වය සළකා බලා නව වසර වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇයගේ නම ද ඇතුළත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.