කොවිඩ් නිසා අනතුරේ වැටුණු යුරෝපය

දෙසැ 24, 2021

    යුරෝපා රටවල් රැසකම කොරෝනා අවදානම යළිත් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපය තුළ රටවල් කිහිපයකින්ම වාර්තා ගත රෝගීන් පිරිසක් හමුවිය.

    ඉතාලියෙන් ඊයේ දිනයේ 45,000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් හමුවිය. කොරෝනා වෛරසය ආරම්භ වූ දින සිට එරටින් වාර්තා වූ ඉහළතම දෛනික රෝගීන් සංඛ්‍යාව ලෙසයි, මෙය හැඳින්වෙන්නේ. මේ වන විට ඉතාලියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 55 ඉක්මවා තිබේ. එරට මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්ෂ 36,000ක් ලෙසයි. 

    එසේම, බ්‍රිතාන්‍යයෙන් ද ඊයේ දිනයේ වාර්තා ගත රෝගීන් සංඛ්‍යාවක් හමුවිය.  එරටින් එක් ලක්ෂ 20,000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර එම අගය ද එරටින් හමු වූ ඉහළම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. 

    එක්සත් රාජධානියෙන් ලක්ෂය ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් හමුවුණේ අඛණ්ඩව දෙවැනි දිනටයි. 

    ප්‍රංශයෙන් ද ඊයේ වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවිය.  එම අගය 91,000කට අධිකයි.  මීට අමතරව, තවත් යුරෝපා රටවල් රැසකින්ම ඉහළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය බරපතල තත්වයක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

    Last modified on සිකුරාදා, 24 දෙසැම්බර් 2021 10:37

    Latest News